ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුරේන් රාඝවන් මහතා පත් කළ ආකාරය පිළිබඳව ශ්‍රීලනිපයේ අසතුටක් තිබෙන බව එම පක්ෂයේ හිටපු සභාපති වරයෙකු මෙන්ම ලේකම්වරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.
ශ්‍රීලනිපය පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා නම් දෙකක් ලබා දුන් අතර ඉන් එක් තැනැත්තෙකු වන රාඝවන් මහතාව ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම පිළිබඳව පක්ෂයේ මහ ලේකම්වරයා වූ දයාසිරි ජයසේකර මහතා වූ වෙනත් වගකිව යුතු අයෙකුගෙන් විමසීමක් කර නොමැති බවද පියදාස මහතා සඳහන් කරයි.
පක්ෂය නම් කළ අන් ජාතික ලැයිස්තු අපේක්ෂකයා තමා බව සඳහන් කරන පියදාස මහතා දෙමල ජාතිකයෙකුට අවස්ථාව දීම සඳහා රාඝවන් මහතා පත් කළ බව පොදුජන පෙරමුණු ප්‍රධානින් සඳහන් කර තිබෙන බවද පෙන්වා දෙයි.
මහා මැතිවරණයේදී ශ්‍රීලනිපයේ ඉදිරිපත් කළ අපේක්ෂකයින් 26 දෙනාගෙන් 14 දෙනෙකුම ජයග්‍රහණය කර තිබෙන අතර එය පොදුජන පෙරමුණ ලබා ගත් සමස්ත මන්ත්‍රී ධූර හා සැසදීමේදී ශ්‍රීලනිපයේ දෙදෙනෙකුටම ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම සාධාරණ බවද පියදාස මහතා අවධාරණය කරයි.