April 29, 2024

පොහොට්ටු - ශ්‍රී ලංකා මනාප පොරය කළුතරින් ඇරඹෙයි : ගුටිබැට හුවමාරුවකින් අවසන් වෙයි (VIDEO) Featured

December 12, 2019

එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් වූ කළුතර දිස්ත්‍රික් මනාප ක්‍රමය හිටපු උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍යවරයෙකු වන ජගත් අංගගේ මහතාගේ අධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවකින් හමාර වී තිබේ.

ඊයේ (11) පානදුර තල්පිටිය ප්‍රදේශයේදී රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙනුවෙන් සංවිධානය කළ හමුවකට ඔහු පැමිණි අවස්ථාවේදී ඊට බාධා කරමින් අංගගේ මහතාගේ අධාරකරුවන් විරෝධතාවයක් දැක්වූ අතර එහිදී සිය රථයෙන් බිමට බැසගත් කුරේ මහතා සහ අංගගේ මහතාගේ අධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ. 

කුරේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර අංගගේ මහතා පොදුජන පෙරමුණ නියෝජනය කරයි. මේ දෙදෙනාම එළඹෙන මහා මැතිවරණයේදී එකම කණ්ඩායමකින් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. 

Last modified on Thursday, 12 December 2019 11:18