May 15, 2024

"රෙද්ද බැනියම අඳින කෙනෙක් කරළියට එනවා" - වෙල්ගම Featured

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද සහභාගි වී
සිටියේය.

එහිදී මාධ්‍යවේදීන් වින් ඉදිරිපක් කළ ප්‍රශන්වලට පිළිතුර දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා  මේ බව පැවසීය.

ප්‍රශ්නය:- මොකෝ වෙන්නේ මේ වෙනකොට?

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා:- ඉදිරි ජනාධිපතිවරණයෙන් පස්සේ හොඳ අතට හැරෙයි.

ප්‍රශ්නය:- ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවක. ඒකද ඔබතුමා කියන්නේ?

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා:- ගෝඨාභය රාජපක්ෂ ‍යටතේ ආණ්ඩු කරන්න මම කැමති නෑ.

ප්‍රශ්නය:- ඒ කියන්නේ කවුද කියලා කියන්න බැරිද?

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා:- අපි බලමු ඉස්සරහට. මම කිව්වනේ රෙද්දයි බැනියමයි අඳින කෙනෙක් කියලා.

Last modified on Sunday, 25 August 2019 13:00