April 29, 2024

දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුමේ ඇති බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට එරෙහිව විරෝධයක් Featured

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසල ඉදිකොට ඇති බුද්ධ ප්‍රතිමාවේ ඇති වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නියෝග කොට ඇති බව පවසමින් අක්මිමන ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍ර දේශවාසින් පිරිසක් ඊයේ පස්වරුවේ (08) එම ස්ථානයට පැමිණ එම තිරණයට විරෝධය පළකරණු ලැබිය.

අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය අගුළුගහ දම්මින්ද, අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කෙහෙල්වල සුමංගල යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය එම බුදු පිළිමයඉදිකොට ඇති පින්නදුව පිවිසුමට වැඩමකොට දැඩි විරෝධය පළකරණු ලැබිය. වළාකුළු වැට කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මහා සංඝරත්නය මෙහිදි සදහන් කළහ. අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි  කෙහෙල්වල සුමංගල හිමියන් මෙහිදි අදහස් දක්වමින් මෙසේ කිහ.

"මේ ස්ථානයේ තිබේන බුද්ධ ප්‍රතිමාව හා වළාකුළු පිළිමය ඉවත් කරන්න ඇති අයිතිය කුමක්ද, මාර්ග සංවර්ධන අධිකාරියෙන් කියලා තියෙනවා වළාකුළු බැම්ම ඉවත්කරන්න කියලා. ඊට පස්සේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරිමට කටයුතු කරාවි. මේ බුද්ධ ප්‍රතිමාව ඉදිකරලා දිලා තියෙන්නේ සුදුජාතික මහත්මයෙක්. මෙක ඉවත්කරන්න අපි දෙන්නේ නැහැ. එහෙම ඉවත්කරන්න ආවොත් අපි උපවාසයක් ආරම්භ කරණවා." යැයි සුමංගල හිමියන් සදහන් කළහ.

මෙකි බුද්ධ ප්‍රතිමාව ඉදිරිපස ප්‍රදේශයේ ධානපතියකුගේ අනුග්‍රහයෙන් කැටගල් ඇල්ලිම සදහා කැටගල් ද ගෙනවිත් තිබුණි. කැටගල් ඇල්ලිම නතර කරණ ලෙස මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම් දි ඇති බවද පැවසේ. පසුව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා මැදිහත් වි මේ සම්බන්දව විමසිමට මාර්ග සංවර්ධන අධිකාරයේ සභාපති නිහාල් සුරිආරච්චි මහතා දුරකථනයෙන් සුමංගල හිමියන්ට සම්බන්ද කර දුන්නේය. එහිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙසේ කිවේය‍.

"හාමුදුරුවනේ බුදු පිළිමයට මොනවත් කරන්නේ නැහැ. බුදුපිළිමයට එහා සංවර්ධනය කරණවානම් අපට කියන්න ඕන. වෙන වෙන සංවර්ධන කටයුතු කරන්න අමාරුයි. ඒ සදහා අවසර ඉල්ලා නිත්‍යානුකුල විදියට කරගන්න. අපි අවසර දෙන්නම්. නිත්‍යානුකුල විදියට කටයුකු කරගන්න ඕන. බුදු පිළිම වහන්සේට අමතරව සංවර්ධන කටයුතු කරණවානම් අවසර ගන්න වෙනවා. ඒ අවසරය දෙන්නම් අනුමැතිය ගන්න ඕන අපිත්  බුද්ධාගම්කාරයෝ."

මෙහිදි සභාපතිවරයා හා සුමංගල හිමියන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය. කාන්තන්කුඩි ප්‍රදේශයේ ආගමික ස්ථාන ඉදිකොට ඇත්තේ අවසරගෙන දැයි සුමංගල හිමියන් ප්‍රශ්න කළහ.

(ලලිත් චාමින්ද)

Last modified on Tuesday, 09 July 2019 11:51