සියලු ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස රට ඉදිරියට ගෙනයාම තම රජයේ අරමුණ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මඩකලපුව කලවංචිකුඩි මූලික රෝහලේ නව බාහිර ප‍්‍රතිකාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (01) එක් වෙමිනි.
ඉදිරි වසර තුන තුළ නැගෙනහිර පළාතේ සියලු සංවර්ධන අඩු පාඩු සම්පූර්ණ විය යුතු බවත් එම සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය කාලයට වඩා ප‍්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.
රට තුළ තහවුරු වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස උපයෝගී කර ගනිමින් රජයට කොපමණ විවේචන එල්ල කළ ද එම විවේචන ශක්තියක් කර ගනිමින් රට ගොඩනැගීමේ වගකීම නිසි ලෙසම ඉටුකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රට නොබෙදෙන අයුරින් සංහිඳියාව ශක්තිමත් කර බලය බෙදීම සඳහා රජය කැපවී සිටින අතර ඒ පිළිබඳ මූලික කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. නසීර් මහතා ඇතුළු පළාතේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
විපක්ෂනායක ආර්. සම්බන්ධන්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අමීර් අලී, ෆයිසාල් කාසිම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, පළාත් ඇමතිනී ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ද ශී‍්‍ර ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගානුමා මහතා ඇතුළු ආරාධිත පිරිසක් ද කලවංචිකුඩි රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුගුණන් මහතා ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.