July 11, 2020

සීෂෙල්ස් දූපත්වල වැසියන්ට ගැන තිබූ සානුකම්පිත හැඟීමේ මැදිපෙරදිග දුක් විඳින මෙරට ජනතාව කෙරෙහි නොමැති හේතුව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජීත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි. 

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ මහතා අවධාරණය කරන්නේ රටක රජයක් තිබෙන්නේ එරට වැසියන් සුරකින්නට බවත්, අප රටේ ද අපේ රටේ රජයෙත් ප්‍රධානතම වගකීම වන්නේ රටේ ජනතාව ආරක්ෂා කිරීම බවයි. ඔහු එහිදී කියා සිටියේ සීෂෙල්ස් රටේ රට වැසියන්ට විශේෂ වරප්‍රසාදයක්, සානුකම්පිත හේතුන් මත මෙරටට පැමිණීමට රජය ඉඩ ලබා දුන් බවයි.

ජනතා බලයෙන් පත් වූ රජයට කුවේට් ඇතුළු මැදිපෙරදිග රටවල් රාශියක අඟහිඟ තාවයෙන් මැද හා අන්ත අසරණව ජීවත් වෙන රටේ ජනතාව නොපෙන්නේ ඇයිද යන්නද සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රශ්න කරයි. රටේ විශාල ජනතාව අසරණව සිටින අවස්ථාවක සීෂෙල්ස් වැසියන්ට පමණක් ප්‍රමුඛ තාවය ලබා දීම පිටුපස කුඨ උපක්‍රමයක් තිබෙනවාදැයිද සජිත් ප්‍රේමදාස මහතා එහිදී අසා සිටියි.

සීෂෙල්ස් දූපත් වැසියන්ට ලබා දුන් අවධානය විදෙස් රටවල සේවය කරන මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ලබා නොදෙන්නේ ඇයිද යන්නද සජීත් ප්‍රේමදාස මහතා ඔහුගේ මාධ්‍ය නිවේදනය තුළ දී අසා සිටියි.

ඡන්දයට පෙර රට විරුවන් ලෙස හැඳින් වු විදේශ ශ්‍රමිකයන්ගේ දුක, කඳුළු වේදනාව ඡන්දයෙන් පසුව අමතක වී ඇති බවද ප්‍රේමදාස මහතා පවසයි. මෙවන් දෙබිඩි ප්‍රතිපත්ති අනුගමනය නොකරන ලෙසද, රටේ ජනතාවට ප්‍රමුඛතාවය දී කටයුතු කරන ලෙසද සජීත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

රජයට බලයට ආපු ආකාරය ගැන මතක් කරගන්නැයි පවසන සජීත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ සිටියේ තමන් ආපු ගමන සහ මුල අමතක නොකර ලෙසයි. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මේ ගමන පැමිණීමට ශක්තිය ලබා දුන් රට විරුවන්ට අමතක නොකරන ලෙසයි.

සජීත් ප්‍රේමදාස මහතාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,

සමගි ජන බලවේගයට විපක්ෂ නායක කාර්යාලය කටයුතු සඳහා භාවිතා කරන්නේ කෙසේදැයි එ.ජා.ප උප නායක රවී කරුණානායක මහතා ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක විපක්ෂ නායක කාර්යාලය භාවිත කිරීම සමගි ජන බලවේගයට අයිතියක් නොමැති බවද, ඔවුන් මෙසේ කරන්නේ භාරකාර ආණ්ඩුව සමඟ තිබෙන ඩීල් එකක් නිසා බවටද කරුණානායක මහතා චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැති පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

මැතිවරණ සමයේ දී ජාතික සමගි ජනබලවේගයේ නායක සජීත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ හිතවාදීන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනමම බලකායක් නිර්මාණය කොට තිබෙන බව වාර්තා වේ.

හිටපු ඇමතිවරුන් වන වජිර අබේවර්ධන හා දයා ගමගේ , හිටපු රාජ්‍ය ඇමතිවරුන් වන පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේ බණ්ඩාර හා රුවන් විජේවර්ධනත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංගීත් සමරසිංහ හා ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් ඒ බලකායට ඇතුළත් කොට තිබේ.

ජාතික සමගි ජනබලවේගයේ නායකයාට මෙන්ම එහි අපේක්ෂකයන්ට දැඩි වාග් ප්‍රහාර එල්ල කිරීම මෙම බලකායට පැවරී ඇති කාර්ය භාරය වේ. මේ වනවිටත් එහි නියෝජිතයන් විටෙන් විට සජිත් ප්‍රේමදාස පාර්ශවයට ප්‍රහාර එල්ල කරමින් සිටි.

දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ඇමති ධූර දරා මෑතකදී සමගි ජන බලවේගයට එක්වූ කුමාර වෙල්ගම මහතා දක්ෂයෙකු යැයි එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හැදින්විමට පටන්ගෙන තිබීම එම සන්ධානයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කාලය පුරාවටම වෙල්ගම මහතා කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් දැඩි පීඩනයකට ලක් කළ බව වෙල්ගම මහතා විවේචනය කරන්නන් පෙන්වා දෙනු ලැබේ.

වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාස මහතා කියන ආකාරයට දක්ෂයකු නම් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු නියෝජනය කරන මතුගම ආසනය ජයග්‍රහණය කිරීම කෙසේවෙතත් පරාජය වීමේ සංඛ්‍යාව අවම කරගැනීමට හැකි විය යුතු බවත් ආසනයේ ඡන්ද 25,000 කට වැඩි ප්‍රමාණයකින් පරාජය වූ බව ද ඔවුන් පෙන්වා දෙයි.

වෙල්ගම මහතා සමගි ජන ජන බලවේගයට පැමිණියත් නැතත් කළුතර දිස්ත්‍රික්කයෙන් තම සන්ධානයට අවම වශයෙන් මන්ත්‍රීධුර තුනක් ලැබෙන බවත් වෙල්ගම මහතාගේ පැමිණීමෙන් සිදු වන්නේ කලක් පක්ෂය වෙනුවෙන් කැපවීම් කළ කෙනෙකුට අවස්ථාව අහිමිවීම බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එම පක්ෂයෙන් වෙන්ව ගිය සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පරස්පර මත තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ මැතිවරණයක් මෙම වසංගතය පහව යන තෙක් පැවැත්වීමට නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතාගේ හා ඔහුගේ පාර්ශවයේ මතය වී තිබෙන අතර එක්සත් ජාතික පක්ෂ නායක ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියි.

වික්‍රමසිංහ මහතා සතියකට වතාවක් ඔහු විසින්ම නිර්මාණය කොට මාධ්‍ය වෙත නිකුත් කරන වීඩියෝ පටයේ කොරෝනා වෛරස සම්බන්ධයෙන් අදහස් පළ කළ ද මැතිවරණය සම්බන්ධයෙන් කිසිඳු අදහසක් පළ නොකිරීමට ප්‍රවේශම් වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව දරන ස්ථාවරයට සමාන ස්ථාවරයක් දරමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

උද්ගතව තිබෙන කොරෝනා අර්බුදය හමුවේ යෝජිත මහ මැතිවරණය පැවැත්වීම අසීරු හෙයින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

එජාප නායකයාගේ යෝජිත මෙම ජාතික ආණ්ඩුව විසුරුවන ලද පාර්ලිමේන්තුවේ නිල කාලය වන සැප්තැම්බර් මස දෙවැනි දා දක්වා පවත්වා ගෙන යාම සුදුසු බව යෝජනාව වී තිබේ.

දැනගන්නට තිබෙන ආකාරයට එම යෝජනාවට අග්‍රාමාත්‍යවරයාගේ සැලකිය යුතු විරෝධතාවයක් නොමැති අතර ජනාධිපතිවරයා විසින් ඊට තදින්ම විරුද්ධ වී තිබේ.

වික්‍රමසිංහ මහතාගේ යෝජිත ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් තිහක් තමන්ට අවශ්‍ය බව වික්‍රමසිංහ මහතා පවසා ඇති අතර ඒ ආණ්ඩු පාර්ශවයේ දැඩි විරෝධයට හේතුවී තිබේ.

අමාත්‍ය ධුර 30ක් ලබා ගැනීම හරහා ඉන් අඩක් සජිත් පාර්ශ්වය වෙත පිරිනැමීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබෙන අතර ඒ හරහා සජිත් ප්‍රේමදාස පාර්ශවය දුර්වල කිරීම ඔහුගේ අරමුණ වී තිබුණ බවද වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා මෑතකදී නිදහස් කරන ලද සුනිල් රත්නායක රණවිරුවා නිදහස් කිරීම පිළිබඳව අප්‍රසාදය කරන මෙන් සමගි ජන ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාට කළ දැඩි බලපෑම එම පක්ෂයේ ජේෂ්ඨයින් ගේ දැඩි විරෝධය මත යටපත් වූ බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

සුනිල් රත්නායක නිදහස් කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථානුකූලව හිමිව තිබෙන බලය මතය.

මලික් සමරවික්‍රම මහතා සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා හා රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රනාන්දු නැමැත්තෙක් ද සජිත් ප්‍රේමදාස මහතාට මෙම බලපෑම කිරීමට සම්බන්ධ වී තිබේ.

රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීම ජනතාවගේ අභිලාෂයක් වන බැවින් එය විවේචනය කිරීමට යාම සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයට අප්‍රසාදය ලගා කර දෙන්නක් බවත් මේ අවස්ථාවේ රට තුළ ඇති වී තිබෙන තත්වය මත මෙවන් මාතෘකා ගැන කතා නොකළ යුතු බවත් පක්ෂයේ ජේෂ්ඨයින් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබේ .

මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාසල් අවධියේ සිටම සිටින ඉතාම කිට්ටුවන්ත මිතුරා වන අතර වික්‍රමසිංහ මහතා මහතාද මෙම සිද්ධියෙන් විවේචනය නොකරන පදනමක් තුළ සජිත් ප්‍රේමදාස මහතාට ඒ සඳහා පෙළඹීම වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයක් ද යන සැකය එම ජේෂ්ඨයන් තුළ පැන නැගී තිබේ.

COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් කළ වැරදි ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් සමාව අයැද තිබේ.

COMID-19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ඔහු යෝජනා කළ ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින්වලට වඩා “ප්ලැකිනිල්” උසස් තත්ත්වයේ ඖෂධයක් බව සජිත් ප්‍රේමදාස 22 දිනයේ ෆේස්බුක් තුළ සජීවි වීඩියෝ පටයක් එක් කරමින් සඳහන් කළේය.

කෙසේ වෙතත්, සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයට වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි විවේචනයට එල්ල වූ අතර ප්ලැක්වෙන්ල් යනු හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සඳහා වෙළඳ නාමයක් බවද ඔවුන් පෙන්වා දුන්හ.

"රෝගය මුලිනුපුටා දැමීමේ වැඩසටහන පිළිබඳ මගේ දැඩි උද්යෝගය හේතුවෙන්, මෙම ගැටලුව සම්බන්ධයෙන් මා කිසියම් වැරදි හෝ නොමඟ යවන ප්‍රකාශයක් කර තිබේ නම්, මගේ ප්‍රකාශයෙන් බලපෑමට ලක්වූ සියලු දෙනාගෙන් සමාව අයැදීමට මෙය අවස්ථාවක් කර ගනිමි" යනුවෙන් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් එක් කරමින් ප්‍රකාශ කළේය.

"මෙම රෝගය තුරන් කිරීම සඳහා අපගේ සියලු ශක්තීන් බලමුලු ගැන්වීමට අපි සැවොම එක් වෙමු. උදාර තරුවන් සරණේ ආශිර්වාදය ඔබ සැමට ප්‍රාර්ථනා කරමි" යනුවෙන් ඔහු තවදුරටත් එම පණිවිඩය තුළ පවසා තිබුණි.


නීති තර්ක හරහා ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙළා දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය 

කොරෝනා වෛරසය ලංකාවේ තවදුරටත් පැතිරීම වැලැක්වීමට මුලු රට පුරාම ඇඳිරිනීතිය පැනවූ දිනයේම, එනම් 2020 මාර්තු 20 වන සිකුරාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමන් නායකත්වය දුන් පසුගිය ආන්ඩුව 2020 වසර වෙනුවෙන් අයවැයක් සම්මත නොකොට 2020 අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් සම්මත කොට තිබීම හේතුවෙන් අප්‍රේල් 30 වනදායින් පසු, මොනම දෙයකටවත් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට නෛයිතික බලයක් නැතිවෙන බවයි.  සජිත් ප්‍රේමදාස හිටපු විපක්‍ෂ නායකවරයාත්, මුහුණුපොත හරහා මේ තර්කයම ඉදිරිපත් කරමින් සිටි.

පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට බලය පැවරේ. මේ නිසා කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැත.

පසුගිය පෙබරවාරි 20 වෙනිදා, යහපාලන ආණ්ඩුවේම බෙහෙත් හා පොහොර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කළද, පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටි සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ඇතුලු පාර්ශවය අලුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එයට විරුද්ධ විය.  

රටේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අපිට මුදල් සොයා ගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල නිසාය. මේ රටේ එකම කොරෝනා ආසාධිතයෙක්වත් නැති අවස්ථාවක 2020 මාර්තු 02 වනදා, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව  පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

ඊට දින දහයකට පසු ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගැනීමත් සමඟම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්‍ෂය කලේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතු යැයි හඩ නැගීමය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) (අ) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හරින ගැසට් පත්‍රයේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනයත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට රැස් වන දිනයත් නියම කළ යුතු වේ.

එම ප්‍රකාශය නිකුත් කළ පසුව, මොනම තත්වයක් යටතේවත් ඡන්දය පවත්වන දවස කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නැත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව යම්කිසි අනපේක්‍ෂිත හෝ හදිසි තත්වයක් නිසා ඡන්දය පවත්වන දිනය කල් දැමීමේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන දිනය කල්දමා ඇත.

මේ ආකාරයට මැතිවරණය පවත්වන දිනය කල් දමා තිබීමෙන්, ව්‍යවස්ථාවේ 150(3)  වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන කාලය තුළ ජනාධිපතිවරයාට හිමි මුදල් බලතල කිසිවක් වෙනස්වන්නේ නැත. කොරෝනා වෛරස් උවඳුරෙන් දේශපාලන වාසි ලබා ගැනීමට එ.ජා.පයේ පාර්ශව දෙක තරඟයක නියැලී සිටින බව අපට පෙනේ. පසුගියදා පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණ, නිරෝධායනයට යෑමට නොහැකි යැයි කියා ගුවන්තොටුපලේදී කලබල කළ පිරිස් දිරිගන්වමින් සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේ නිරෝධායන වැඩ පිළිවෙලට අකුල් හෙලූ ආකාරය මුලු රටම දුටුවේය.

අලුත් ආණ්ඩුවේ මුදල් සැපයුම කපා හැරීමට යහපාලන පාර්ශවය පසුගිය මාසයේ පාර්ලිමේන්තුව තුළ ගත් උත්සාහය වැරදුනු පසු, දැන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසන්ගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා මේ උත්සාහය අපි හෙළා දකිමු.

අවස්ථාවාදී පාර්ශව රටට එරෙහිව දියත් කරන මෙවන් කුමන්ත්‍රණ හමුවේ වුවත්, ජනතාව කොරෝනා වෛරස් උවදුරෙන් ගලවා ගැනීමට තම ජීවිතත් පරදුවට තබා දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වලටත්, ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ටත්, අත්‍යාවශ්‍ය සේවා සපයන සෙසු පිරිසටත් මම මේ අවස්ථාවේදී මාගේ ප්‍රණාමය පුද කර සිටිමි. 

මහින්ද රාජපක්‍ෂ

අග්‍රාමාත්‍ය

කොවිඩ් 19 රෝගය සඳහා භාවිත කළ හැකි ඖෂධයක්  පිළිඳව හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා පිළිතුරු ලබා දී තිබේ.

කොවිඩ් රෝගීන්ට ලබාදෙන ඖෂධ පිළිබඳව ඔහු කළ ප්‍රකාශයෙන් බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන බව මහාචාර්යවරයා පවසයි.

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යුත් තැපෑල ඔස්සේ ය.

2020.03.22

ගරු මැතිතුමනි,

ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිලිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

01. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.

02. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.

03. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක්/ අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.

දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයුතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන

MBBS,PhD, FRCP Edin

ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්ය

Page 1 of 25