May 01, 2024

UPDATE: අතුරුදන් වූ දැරියන් තිදෙනා සොයාගනී Featured

November 10, 2021

කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරියන් තිදෙනා යළි හමු වී තිබෙනවා.

ඔවුන් පදිංචිව සිටි නිවසට මෙම දැරියන් තිදෙනා යළි පැමිණ ඇති බව යි පැවසෙන්නේ.

මෙම දැරියන් අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 08 වැනි දා යි.

මෙලෙස අතුරුදන් වී තිබුණේ බාලවයස්කාර දැරියන් තිදෙනෙක්.

මෙම දැරියන් වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසු වන බව කෙසෙල්වත්ත පොලීසිය සඳහන් කළා.

ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු එකම පවුලේ සොයුරින් බව පැවසෙනවා.

අනෙක් දැරිය ඔවුන්ගේ ඥාති සහෝදරියක බව  සඳහන්.

මෙම දැරියන් නිවසෙන් පිටවූ හේතුව හෝ එලෙස පිටත්වී කුමන ස්ථානයක රැඳී සිටියේ ද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

පෙර පුවත: බෑග්වලින් කාන්තා සිරුරු හමුවෙද්දී කොළඹ දැරියන් 3ක් අතුරුදන්!

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 08:50