බොහෝ නීතිමය කටයුතු වලට මැදිහත් ව සිටින හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කළ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා වීම විශේෂත්වයකි.
ඊයේ (22) දින අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර තිබෙන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූයේ මෛත්‍රී ගුණරත්න මහතා ය.
මෛත්‍රී ගුණරත්න මහතා එක්සත් ජාතික පක්ෂය සමග සිටිද්දි මෙන්ම වර්තමානයේ ද උග්‍ර රාජපක්ෂ විරෝධියකු ලෙස කටයුතු කරන බව ප්‍රකට කරුණකි.