කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (22) පෙරවරු 10.00ට යළි රැස්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සිදුවන අතර පස්වරු 4.30 සිට 5.30 දක්වා කාලය සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
9 වන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ කටයුතුද අද දිනයේ සිට ආරම්භ වන අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා ඒ සඳහා කාලය වෙන්කර ඇත.
මේ අතර අද පස්වරු 2.30ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් “කෝප්“ කමිටුවේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
අද දිනයේ දී කෝප් කමිටුව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීමට නියමිතය.
ලබන 24 වන දින මහජන පෙත්සම් කාරක සභාව ද රැස්වීමට නියමිත අතර එදින ඒ සඳහා ද සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවති අතර එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.