May 19, 2024

චම්පිකගේ මෙගා ඩීල් එකට මෛත්‍රී එයි 

December 15, 2014

පාඨලී චම්පික රණවක විසින් රචිත බලය සහ බලය දෙවන අදියර ලෙස ආලාපාළු ආර්ථිකය (Doom - Boom Economy) ග‍්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී තිබේ. 

‘මෙගා ඩීල්‘ විද්වත් හමුව මේවන විට පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ දී පැවැත්වෙන අතර මේවන විට පාඨලී චම්පික රණවක මහතා දේශණය පවත්වමින් සිටී.

පසුගිය කාලයේ දේශපාලන, ආර්ථික හා සමාජීය පරිසරය තුල සංවාදයට බදුන් වූ කරුණු පිළිබඳ මෙම විද්වත් හමුවේදී සාකච්ඡා කරයි.

රජයේ ඇතැම් අමාත්‍යවරුන්ට සහ නිළධාරීන්ට අවශ්‍ය පරිදි පසුගිය කාලයේ සිදු කෙරුනු රටට අහිතකර ගණුදෙනු සහ ආර්ථික ඝාතන පිළිබඳවත් ඒ හරහා ගොඩනැගුනු කැසිනෝහල්, වරාය, ගුවන්තොටුපල හා වෙනත් ආර්ථික සංවර්ධනය මුලාවෙන් රටේ සිදුවූ ආලාපාළු ආර්ථිකය පිළිබඳවත් මෙගා ඩීල් සමබන්ධයෙනුත් නම් ගම් සහිතව හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවක පවසයි.

 

Rate this item
(0 votes)