May 19, 2024

කඳුරට ජනතා පෙරමුණේ මන්ත‍්‍රීවරු දෙදෙනෙකුගේ තනතුරු අහෝසියි

December 15, 2014

නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ කඳුරට ජනතා පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු 21 වැනිදා සිට එම තනතුරු වලින් ඉවත්කර ඒ වෙනුවෙන් තම පක්ෂයේ දෙදෙනෙකු නම්කර ගැසට් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැණුම්දී ඇති බව කඳුරට ජනතා පෙරමුණේ මහ ලේකම් ඒ.ලෝරන්ස් මහතා පවසයි. 

ඉකුත් පලාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවට කඳුරට ජනතා පෙරමුණෙන් තරඟකර තේරීපත්වූ රාමයියා මලර්වාසගම් සහකදිරවේල් කල්‍යාණ කුමාර් යන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු දෙදෙනා තම පක්ෂයේ විනයට පටහැනිව ක‍්‍රියාකරමින් ලංකා කම්කරු කොංග‍්‍රසය හා කම්කරු ජාතික පෙරමුණ යන පක්ෂවල සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳව ඔවුන් දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම පිළිබඳව ඔවුන් දෙදෙනා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ නඩුවේ වග උත්තරකාර පාර්ශවයෙන් මැතිවරණ කොමසාරිස්වරයාව ඉවත් කිරීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා විසින් අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් මොවුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කිරීමේ ගැසට් පත‍්‍රය නිකුත්කර තිබේ.

නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවෙන් ඉවත් කළ මන්ත‍්‍රීවරු දෙදෙනා වෙනුවට තම පක්ෂයේ සාමාජිකත්වය දරන කාලිමුත්තු පරමසිවම්හා අරුනාචලම්නල්ල මුත්තු යන දෙදෙනාගේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇති බවත් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ කඳුරට ජනතා පෙරමුණේ නව මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව එම පෙරමුණේ මහ ලේකම්වරයා පැවසී ය. 

පක්ෂ සාමාජිකත්වය හැර යන වෙනත් පක්ෂවල සාමාජිකයන්ට එරෙහිව මෙවැනි තීරණ ගැනීමට නොහැකිව තිබියදී කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කළ මන්ත‍්‍රීවරු දෙදෙනාගේ මන්ත‍්‍රීධූර අහෝසි කිරීමට හැකියාව ලැබීම තම පක්ෂය ලද විශිෂ්ඨ ජයග‍්‍රහණයක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)