May 19, 2024

ග්‍රාමාරක්ෂක මුරකුටිය මැතිවරණ කාර්යාලයක් වෙයි

December 15, 2014

දෙහිඅත්තකණ්ඩිය බස් නැවතුම්පළ අසල ග්‍රාමාරක්ෂක නිලධාරී මුර කුටියක් පිහිටා ඇති අතර මෙම මුර කුටිය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටවුට් සකසමින් ඇති බව කැෆේ සංවිධානය පවසයි.

2014 දෙසැම්බර් 15 දින පස්වරු 2 දක්වා කාල සීමාව තුල මැතිවරණ පැමිණිලි 229 ක් ලැබී ඇති බවත් ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 9 ක් ද ඇතුලත් මුඵ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 32 ක් බවත් ‍කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර ප්‍රචාරණ සිදුවීම් 197 ක් වාර්තා වන අතර එයින් වැඩිම සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)