May 19, 2024

පතලක් තුළ පස්කන්දක් කඩා වැටී දෙදෙනෙකු සිරවෙයි

December 15, 2014

රත්නපුර තිරුවානාකැටියේ බුළුගෙදර වසා තිබූ වෙළඳසළක් පිටුපස මැණික් පතලක් හාරමින් සිටි දෙදෙනකු පස් කන්දක් කඩා වැටී යටවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

අද (15) පෙරවරු 9ට පමණ අනතුර සිදුව ඇති බවත් අවුරුදු 30 හා 35 වයසේ පසුවන තරුණයින් දෙදෙනෙකු එලෙස පතල තුළ සිර වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

ඔවුන් මිය යන්නට ඇතැයිද සහන සේවකයන් ඔවුන් සෙවීමේ කටයුතු අරඹා ඇතැයිද වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)