May 19, 2024

ජගත් භික්ෂු එකමුතුවේ සහාය ජනපති මහින්දට

December 15, 2014

විදේශගතව සිටින භික්ෂූන් වහන්සේලාගේ නොමද සහය ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවන බවටත්, රට දෙකඩ කිරීමට යන ජාත්‍යන්තර බලවේගයන් හට කිසිදු අවස්ථාවක් නොදෙන බවටත්, ජාත්‍යන්තර බලවේග වෙනුවෙන් පෙනී සිටින පොදු අපේක්ෂක මෛත්‍රී පමුඛ පොදු විපක්ෂය හෙළා දකින බවත් ජාත්‍යන්තර භික්ෂු එකමුතුව පවසයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කළ දා සිටම රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් අප රට තුළ මෙන්ම විදේශීය රටවලදීද සිදුවන බව රහසක් නොවන බවත්, එහි උච්ඡතම අවස්ථාවට දැන් අප මුහුණ පා සිටින බවත් එම භික්ෂු එකමුතුව මගින් පෙන්වා දුන්හ. 

මේ වන විටත් විදේශයන්හි ක්‍රියාත්මක සංවිධාන හා බලවේග ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙල සක්‍රීය කර ඇති අතර ඒ සඳහා සංවිධානය වීම් හා මුදල් රැස්කිරීම් සිදුවන බව එම එකමුතුව වැඩිදුරටත් පැහැදිළි කළහ. මේ සියල්ලෙහිම අරමුණ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකර ඔවුන්ට අවශ්‍ය පරිදි හැසිරවිය හැකි මෛත්‍රීපාල වැනි නායකයකු පත්කරගැනීම හා ඒ හරහා කොටි ත්‍රස්තවාදය නැවතත් රටතුල ස්තාපිත කිරීමට බව ජාත්‍යන්තර ශ්‍රී ලංකා භික්ෂු එකමුතුව වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම කරුණු අනාවරණයක කර සිටියේ පසුගිය 12වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදීය. 

මෙම මාධ්‍ය හමුවේ මුලසුන හෙබවූයේ එම සංවිධානයේ සභාපති ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක හා ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද හිමියන් විසිනි. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රංශයේ ජේතවනාරාමාධිපති පූජ්‍ය මුරුංගාගස්යායේ ඤානිස්සර හිමි, ප්‍රංශයේ ප්‍රධාන  සංඝනායක ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය පරවාහැර චන්දරතන හිමි, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කඹුරාවර රේවත හිමි, ජපානයේ ලෝකසාම බෞද්ධ විහාරාධිපති ආචාර්ය පැල්පොල විපස්සි හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූහ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 15 December 2014 10:18