May 19, 2024

මෛත්‍රී වෙනුවෙන් එජාප යොවුන් පෙරමුණ අද පාරට බසී

December 15, 2014

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන තරුණ සම්මේලන රැලි මාලාවේ පළමු රැලිය අද (15) පස්වරුවේ පොළොන්නරුව නගරයේදී පැවැත්වේ.

දිස්ත්‍රික් මට්ටමින් පවත්වන යොවුන් පෙරමුණ තරුණ සම්මේලනය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන අතර අනිකුත් ප්‍රධාන රැලි දෙසැම්බර් 19 වැනිදා මාතර නගරයේදීත්, දෙසැම්බර් 20 වැනිදා බදුල්ල නගරයේදීත්, දෙසැම්බර් 21 වැනිදා කුරුණෑගල නගරයේදීත්, දෙසැම්බර් මස 23 වැනිදා ගාල්ල නගරයේදීත් පවත්වන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පැවසී ය.

එසේම දෙසැම්බර් 27 වැනිදා ගම්පහ නගරයේදී ජාතික යොවුන් පෙරමුණ තරුණ හමුව පවත්වන බවද දෙසැම්බර් 28 වැනිදා කෑගල්ල නගරයේදී සහ දෙසැම්බර් මස 29 වැනිදා කළුතර දිස්ත්‍රික්කයේ ජාතික යොවුන් පෙරමුණ රැලි පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද හෙතෙම සඳහන් කළේය. 

මෙම ජනහමුව සඳහා සරසවි යොවුන් පෙරමුණේ හා උපාධිධාරීන්ගේ සංගමයේ සහාය හිමිවන බවද වත්මන් ආණ්ඩුවේ අවිධිමත් හා අකාර්යක්ෂම පාලනය හේතුවෙන් තරුණ පරපුරේ අපේක්ෂා කඩවී, බහුතරයක් තරුණ ප්‍රජාවට රට හැරයාමේ අපේක්ෂාවක් ඇති වී තිබෙන බවද ඒ රුවන් විජේවර්ධන මහතා පැවසී ය. 

 

Rate this item
(0 votes)