May 19, 2024

මඩු දුම්රිය තිරුකේතීශ්වරම් දක්වා ගමන් යන්න සූදානම්

December 15, 2014

කොළඹ සිට මන්නාරම, තිරුකේතීශ්වරම් දක්වා දුම්රිය මාර්ගය ලබන 18 වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු යොදා ඇත. 

උතුරේ ප්‍රධාන පූජනීය ස්ථානයක් වන තිරුකේතීශ්වරම් කෝවිල දක්වා යන බැතිමතුන්ට මේ මාර්ගය විවෘත කිරීමත් සමඟ දුම්රියෙන් ම ගමන් කිරීමට හැකි වනු ඇත. තිරුකේතීශ්වරම්වලින් පසු හමුවන පේසාලේ සහ මන්නාරම දුම්රිය ස්ථාන දෙක ද මේ වන විට ඉදිකර අවසන් වෙමින් පවතී. 

මන්නාරම දක්වාම දුම්රිය මඟ ලබන වසරේ විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර යාපනය කන්කසන්තුරය දක්වා දුම්රිය මඟ මේ මස අවසානයේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

Rate this item
(0 votes)