May 19, 2024

බස් ගාස්කු පිළිබඳ මාධ්‍ය හමුවේ ගැමුණු මෛත්‍රී පාර්ශවයට බව කියයි

December 14, 2014

මගීන්ට සහනයක් ලබාදීමට තම සංගමය කිසිවිටෙක නොපැකිලෙන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් ඩීසල් මිලට 4% ට වැඩියෙන් බලපෑමක් සිදුවුවහොත් පමණක් බස්ගාස්තුවල අඩු හෝ වැඩි වශයෙන් සංශෝධනයක් කළ යුතු බව ජාතික ප්‍රතිපත්තියේ සඳහන් කර ඇති බවත්, නමුත් මේ වන විට ඩීසල් වල බලපෑම ඇති වී ඇත්තේ 3% පමණප්‍රමාණයකින් බවත්, ඒ මහතා අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මේ හේතුවෙන් තවත් සුළු මුදලකින් ඩීසල් මිල අඩු කිරීමේ හැකියාවක් ආණ්ඩුවටඇති බවත් සඳහන් කරයි.
තවත් රුපියල් පහක ප්‍රමාණයකින් ඩීසල් මිල අඩු කළ හැකි නම් බස් මගීන්ට සහනලබා දිය හැකි බවත්, එසේ නොමැතිව බස් කර්මාන්තය ඉදිරියට ගෙන යා නොහැකි බවද ඒ මහතාගේ මතය වෙයි.
මේ වන විට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට හැකිනම් ප්‍රථමයෙන් ලංගම බස්වල ගාස්තු අඩු කර රටට පෙන්වන ලෙසද ඔහු එහිදී අවධාරණය කරයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අන්තර්ගත කිරීම සඳහා තම සංගමය විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවත්, ඉදිරි ජනාධිපතිවරණයේදී තම සංගමයේ සහයෝගය ලබාදෙන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත්, ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 December 2014 22:48