May 20, 2024

වව්නියාවේදී ජනපති කොමිසමට පැමිණිළි 19000 ක් ලැබේ

December 14, 2014

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම අද (14දා) එම කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වෙංගල චෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාක්කි සටහන් කිරීම සිදු කළහ.

චෙඩ්ඩිකුලම පළාතෙන් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයින් 230 දෙනෙකුගේ පැමිණිලි සදහා වූ සාක්කි විමසීම සදහා ලිපි යවා ඇති බව  කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුනදාස මහතා සඳහන් කරයි.

අද 14 සහ 15 යන දිනවලදී මෙම කොමිසම චෙඩ්ඩිකුලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් 16 සහ 17 යන දිනවලදී වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් රැස්වන බවද නිවේදනය කර ඇත.

මේ වන විට කොමිසමට ලැබුණු පැමිණිලි 19750 න් පැමිණිලි 2500 ක් විභාගකොට අවසන් කළ බව කී ලේකම්වරයා එම පැමිණිලිවලින් 14750ක් පමණ සාමාන්‍ය වැසියන් අතුරුදහන් වීමේ සිද්ධීන් පිළිබද පැමිණිලි වන අතර තවත් 5000 ක් පමණ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ අතුරුදහන්වීම් පිළිබදව යැයිද ප්‍රකාශ කළේය.

කොමිසමේ මූලික වගකීම අතුරුදහන්වූවන් ගැන සොයා බැලීම පමණක් නොව විපතට පත්වු පුද්ගලයින් විසින් ඉදිරිපත් කරණු ලබන ඔවුන්ගේ සියලුම ප්‍රශ්න හා ගැටලු, ඒ ඒ ආයතන ප්‍රධානීන් වෙත ඉදිරිපත් කිරීමද සාක්කි විමසීමට අමතරව සිදු කරණ බව ලේකම්වරයා පවසයි.

දිනසේන රතුගමගේ- වව්නියාව

Rate this item
(0 votes)