May 20, 2024

මොණරාගල කාන්තාවන් 15,000කට කප්රුකේ පිහිට 

December 14, 2014

මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් පහලොස් දහසකට ලබන වසර තුළදි පොල් කර්මාන්තය ආශ්‍රිත ස්වයංරැකියා සඳහා අවශ්‍ය පහසුකම් සැළසීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වන විටත් පොල් ආශ්‍රිත රැකියා හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය තෝරාගැනීම් හා පුහුණුවීම් ආරම්භ කර ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.

අමාත්‍යවයා මේ බව පැවසූවේ පසුගියදා නියඟය හේතුවෙන් විනාශයට පත් වු පෝල් පැළ වෙනුවට අලුතෙන් පොල් පැළ ලබාදීමේ වැඩ සටහන යටතේ මොණරාගල මඩුල්ල ප්‍රදේශයේ කප්රුක සමිති සමාජිකයින් වෙත හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගිවෙමිනි.

පොල් ගසේ සෑම කොටසකින්ම ප්‍රයෝජන ලබාගත හැකි බවත් බොහෝදෙනෙකු ඒ පිළිබඳ නොදන්නා හෙයින් පොල් ගසෙන් උපරිම ප්‍රයෝජනයක් නොගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය. “පොල් ගස කියන්නේ කප්රැකක්. මින් නිසි ප්‍රයෝජනය ගන්නව නම් කාටවත් අතපාන්න වෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි අපේ කාන්තාවන්ට ගෙදර ඉදගෙනම මින් හොඳ ආදායමක් ඉපයිය හැකියි. අපි දුප්පත් කිය කියා හිටියට පොහොසත් වෙන්නේ නැහැ. එයින් මිදෙන්න නම් යම් වැඩ පිළිවළක් තිබෙන්න ඕන. ජනාධිපතිතුමා මට මෙම අමාත්‍යාංශය බාර දීලා උපදෙස් දුන්නේ ජගත්ට අවශ්‍ය පරිදි මෙම කර්මාන්තය දියුණු කරන්න කියළා. එදා පොල් ත්‍රිකෝණයට පමණක් සීමාවෙලා තිබුණ පොල් කර්මාන්තය අද වෙනකොට සෑම දිස්ත්‍රික්කයකම ප්‍රචලිත කරන්න හැකිවී තිබෙනවා.“ 

 

 

Rate this item
(0 votes)