May 20, 2024

හොර වැඩකළ ආගමන නිළධාරීන් රහස් පොලීසීයට කොටු 

December 14, 2014

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විදෙස් ගත වීමට උත්සහ කළ කාන්තාවක සහ ඇයට ඒ සඳහා උදව් කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය අලුත්ගම දර්ගා නගරයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් වන අතර අත්අඩංගුවට ගනු ලැබු ආගමන විගමන නිළධාරීන්ගෙන් එක් අයෙකු ජ්‍යෙෂ්ඨ බලයලත් ආගමන විගමන නිලධාරියෙකි.

සැකකාර කාන්තාව සෞදි අරාබිය බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ගුවන්ගතවීම සඳහා අවශ්‍ය ලේඛණ රැගෙන ආගමන විගමන අංශයට ගොස් තිබේ. එහිදී අදාල ආගමන විගමන නිලධාරීන් දෙදෙනා ඇයගේ ගුවන් ගමන් බලපත ඔවුන්ගේ පරිඝණක පද්ධතියට අතුලත් නොකොට ඇයට ගුවන් ගතවීමට අවසර ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඇය ඒ සඳහා අල්ලස් මුදලක් ලබා දී ඇති බවත් දැනගන්නට ඇත. ආගමන විගමන අංශය පසුකර ගුවන් ගත වීමට යමින් සිටි කාන්තාව පිළිබඳ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඇයගේ ලියකියවිලි පරීක්ෂා කර ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව වාර්තා වෙයි.

ටී.කේ.ජී කපිල 

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 December 2014 15:20