May 20, 2024

ඇමති සියඹලාපිටිය “කළගුණ” සලකන්න ගිහින් මැතිවරණ නීති කඩයි

December 14, 2014

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමෙන් පසුව මේ දක්වා කාලසීමාව තුල මැතිවරණ පැමිණිලි 114 ක් කැෆේ සංවිධානය වෙත ලැබී ඇති බවත් එයින් පැමිණිලි 32 ක් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් බවත් කැෆේ සංවිධානය පවසයි.  

ඒ අතර ගිණි අවි, බෝම්බ භාවිතයෙන් සිදු කළ ප්‍රචණ්ඩක්‍රියා 9 ක් වන අතර මහජන දේපල අයථා පරිහරණය පිළිබද පැමිණිලි 43 ක් වාර්තා වී ඇත. 

මීට අමතරව කැෆේ සංවිධානය වෙත දෙසැම්බර් 12 වැනි දා ලැබුණු පැමිණිලි අතරින් පහත පැමිණිල්ල සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ.

මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොතකා හරිමින් විශ්‍රාමික ප්‍රජාවට ජංගම දුරකථන බෙදාදීම. 

විශ්‍රාමික ප්‍රජාව සඳහා ජංගම දුරකථන පිරිනැමීමේ “කළගුණ” වැඩසටහනක් දෙසැම්බර් 11 වන දින මාතර සණස ශාලාවේදී පැවැත්විණ. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී  විශ්‍රාමිකයින් වෙත මොබිටෙල් ආයතනය විසින් ජංගම දුරකථන බෙදා දෙනු ලැබීය.මීට පෙර දෙසැම්බර් 7 වන දින ද කෑගල්ල නගර සභාවේදී ද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ‍මෙම “කළගුණ” වැඩසටහන පවත්වා තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක මෙම වැඩසටහන පැවැත්වීම මැතිවරණයේ සුජාත භාවයට අභියෝගයක් බව සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස්තුමන් විසින් 2014 / 12/ 04 දින නිකුත් කර ඇති අංක PCE/2015/19/ALL D 16 දරණ ලිපිය මඟින් දන්වා තිබේ. එබැවින් මෙම “කළගුණ” වැඩසටහන  2015 ජනවාරි 15 වන දිනයෙන් පසුව පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්තුමන් එම ලි‍පියෙන් උපදෙස් දී තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු  සහ විදුලි සංදේශ හා තොරුතුරු තාක්ෂණ අමාත්‍යවරුන් වෙත යොමු කර ඇති එම ලිපියේ සඳහන් උපදෙස් නොතකා හරිමින් පැවැත්වෙන මෙම වැඩසටහන් සම්බන්දයෙන් සුදුසු පියවරක් ගන්නා මෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා ඇත.

Rate this item
(0 votes)