May 19, 2024

ආණ්ඩුවෙන් දෙන දේ ගන්න - ඡන්දෙ මට දෙන්න

December 14, 2014

ආණ්ඩුව නොමිලේ ලබාදෙන සියලූ දේ රැගෙන ජනවාරි 08 වැනිදා තමන්ට ඡන්දය ලබා දෙන්නැයි පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.

ඔහු මෙම ප‍්‍රකාශය සිදුකළේ පොළොන්නරුවේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

අනුරාධපුර රැස්වීමට විශාල සෙනඟක් ගෙන්වා ගැනීමට හැකිවූ බවට ජනාධිපතිවරයා උදම් අනන බවයි ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේ.

ඉදිරියේදී ජංගම දුරකථන, සාරි සහ බයිසිකල් කන්ටේනර ශ‍්‍රී ලංකාවට පැමිණෙන බවද පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළහ.  

මේ අතර මහවැලිය තමාගෙන් ඉවත් කිරීමට රජය කටයුතු කළ ආකාරය පිළිබඳවත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පළ කළහ.

Rate this item
(0 votes)