May 19, 2024

මෛත්‍රී ආණ්ඩුව වට්ටන කුමන්ත්‍රණයක - නියෝජ්‍ය ඇමති හෙළි කරයි 

December 14, 2014

මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කියන කරන දේවල් දෙස බලන විට ඔහු ආණ්ඩුව වට්ටන්න කලක සිට කුමන්ත්‍රණය කළ බව පෙනෙනවා යැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා පාර්ලිමේන්තුවේදී විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 03ක් සඳහා පැවති විවාදයේ අදහස් දක්වමිනි. 

“මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයට ගියා. එතුමා ගියේ රට ගොඩ ගන්න නොවේ. රට දෙවරක් පාලනය කළ චන්ද්‍රිකාගේ උපදෙස් මතයි ඔහු ගියේ. මෛත්‍රීපාල සිරිසේන මහතා අමාරුවේ නොදා වැඩ කරගන්නට තිබුණා. සිරිසේන මහතා කියනවා දුම්කොළ හා මධ්‍යසාර පනත ගෙන ඒමට උසාවියේ බැංකු ගානේ රස්තියාදු වෙන්නට සිදු වුණා කියලා. ඒ පනත ගෙනාවේ නිමල් සිරිපාල ද සිල්වා මහතායි. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගැන කතා කරනවා. එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණේ පනතේ කොපිය නිලධාරිනියක් ගෙදර අරන් ගිය නිසාලු. වැදගත් පනතක් ආරක්ෂා කරගන්නට නොහැකි ඇමතිවරයෙක් වැඩකරන්නේ කොහොමද?“ යැයි හෙතෙම සඳහන් කළේය. 

මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවට එරෙහි ව කාලයක සිට කුමන්ත්‍රණය කර තිබෙන බවත් බණ්ඩාරනායක මහතා පක්ෂය හැර ගියේ රටේ විප්ලවයක් ඇති කිරීමට වුණත් සිරිසේන මහතා ගියේ කුමන්ත්‍රණයක් ඇති කිරීමට බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)