May 19, 2024

ජනපති කොමිසමේ උපදේශන සභාව 06 ක් වෙයි

December 13, 2014

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරිමේ ජනාධිපති කොමිසන් සභාවට උපදෙස් ලබාදීම සඳහා තවත් විශේෂඥයෙකු පත් කර තිබේ.
ඒ අනුව උපදේශක මඩුල්ල සඳහා ජපන් ජාතික විශේෂඥ මොතෝ නබුචි මහතා පත් කර ඇති බව වාර්තා වේ.
පසුගිය ජූලි මාසයේ දි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරිමේ කොමිසමට උපදෙස් ලබාදීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවත් පත් කරනු ලැබීය.
එම උපදේශක මඩුල්ලේ සභාපතීත්වය ශ්‍රිමත් ඩෙස්මන් ද සිල්වා මහතා විසින් දරනු ලබන අතර ශ්‍රිමත් ජෙෆ්රි නීස්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, අවුදාස් කෞෂාල්, අහමර් බිලාල්සුෆි එම මඩුල්ලේ සෙසු සාමාජිකයින් වෙයි.
ඒ අනුව නව ජපන් ජාතික විශේෂඥයා සමඟ උපදේශක මඩුල්ලේ සාමාජිකයින්ගේ සංඛ්‍යාවා 06 ක් වනු ඇති .
නීතිමය කටයුතු ඇතුළු වැඩකටයුතු පිළිබඳව කොමිසමට උපදෙස් ලබාදීම මෙම උපදේශක මඩුල්ලේ ප්‍රධාන කාර්යය භාරයවන අතර අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශන කිරිමේ කොමිසම අවස්ථා කිහිපයකදි මෙම උපදේශක මඩුල්ල සමග සාකච්ඡා පවත්වා තිබේ.

Rate this item
(0 votes)