May 19, 2024

තැපැල් ඡන්ද පැකට් තැපෑලෙන් යන්න සූදානම්

December 13, 2014

තැපැල් ඡන්ද භාවිතා කිරිමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දි තිබේ.
ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු තැපැල් ඡන්ද රක්ෂණ පැකට් ලබන15 වැනිදා තැපෑලට බාරදෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළහ.
අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට් තැපැල් අධිකාරිවරුන් මාර්ගයෙන් අදාළ රාජ්‍යය ආයතන වෙත යැවීමට නියමිතය.
තැපැල් ඡන්දය දෙසැම්බර් මස23 සහ24 යන දිනවලදි පැවැත්වීමට නියමිතය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දි රාජකාරි කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දි තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 December 2014 09:38