May 19, 2024

බෝතල් කට්ටකින් ගෙලට ඇන ඝාතනය කරයි

December 13, 2014

කොම්පඤ්ඤවීදිය , විතානගේ මාවත ප්‍රදේශයේ දීබෝතල් කටුවකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබු අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

ඊයේ රාත්‍රී 07.00 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් අදාළ පුද්ගලයාට බෝතල් කටුවකින් ගෙල ප්‍රදේශයට ඇන ඇති බව වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ කොළඹ 02ස්ටුවට් වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31හැවිරිදි අයෙකි.

ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Rate this item
(0 votes)