May 19, 2024

පොලිස්පතිට නඩු දාන්න නීතිඥ සංගම් සභාපති සැරසේ

December 12, 2014

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට පොලිස්පති අසමත් වී ඇති බවත්, එලෙස වගකීම් පැහැර හැර සිටින පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති උපුල් ජයසූරිය මහතා අද(12) පවසා ඇත.

පොලිස් ආඥා පනතේ ‘නිවටකම’යටතේ මෙලෙස පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති පවසයි.

පොලිස්පති පමණක් නොව මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන පොලිසියේ ඉහළ සිට පහළ දක්වා වන ඕනෑම පොලිස් නිලධාරියෙක් හෝ ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක නිලධාරියෙකුට එරෙහිව නඩු පැවරීමට හැකියාව පවතින බව ද ජසූරිය මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)