May 19, 2024

නිරීක්ෂකයින් නිසා විද්‍යුත් නාලිකාවලට මැකෝ දෙහි කපයි

December 12, 2014

ජනපතිවරණයට තරඟ කරන මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනමට සහාය දක්වන වැඩසටහන් නතර කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය  නාලිකාවලට දන්වා තිබේ.

රාජ්‍ය නාලිකා එළිපිටම ජනපති වෙනුවෙන් ඡන්ද සටනට සහයෝගය දෙන බවට ස්වාධීන නිරීක්ෂකයන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයිද දේශප්‍රිය මහතා පවසා ඇත.

මෙම කටයුත්ත නිදහස් හා සාධාරණ මැතිවරණයකට බරපතල අවහිරයක් බව  රාජ්‍ය විද්‍යුත් නාලිකාවලට ලිපියක් යවමින් කොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.

දේශපාලන වශයෙන් සංවේදී තොරතුරු විකාශනය කිරීමට පෙර තම උපදෙස් ගන්නැයි කොමසාරිස් එම නාලිකා ප්‍රධානින් හට අනතුරු අඟවා ඇති බවත් ඇතැම් පුවත් මාධ්‍යන් වාර්තා කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 December 2014 11:06