May 19, 2024

ඇමති ජීවන් තවත් ඇමතිවරයෙකු සමඟ සාකච්ඡාවක  

December 12, 2014

ටෙලිමේල් සේවය නෛතික තත්ත්වයට පත් කීරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ටෙලිමේල් සේවයේ පවතින මිලෙහි වෙනසක් සිදු කළ නොහැකි බවත් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

“ටෙලිග්රෑම් සේවයේදී අප කළේ බෙදා හැරීම පමණයි. ටෙලිමේල් කටයුතු විධිමත් කර එහි අඩුපාඩු ඇති නොවන තත්ත්වයට පත් කරන්න කටයුතු කර තිබෙනවා. “ යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ පරිගණක දැනුම ඇති 1080ක් තැපෑලට බඳවා ගත් බවත් තාක්ෂණ අංශයක් පිහිටුවා තැපැල් සේවය ජාලගත කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)