May 19, 2024

දිවි ගලවාගත් ගුවන් භටයාට අතක් හා දෙපා අහිමි වෙයි

December 12, 2014

අතුරුගිරිය, හෝකන්දර, හොරහේනේ ඇන්ටනෝර් ගුවන් යානා අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගත් නාමල් චතුරංග මහතාට පැය දෙකක සැත්කමක් සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එම සැත්කම සිදු කළ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවයෙන් නාමල් චතුරංග මහතාගේ දිවි බේරා ගැනීමට සමත් විය. නමුත් මෙම සැතකම මගින් ඔහුගේ දෙපා දණහිසින් පහල ද, අතක් ද බරපතල ලෙස පිළිස්සී තිබූ හෙයින් ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා පැවසී ය.

කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් -32 වර්ගයේ ගුවන්යානයක් ‍හෝකන්දර, හොරහේන ප්‍රදේශයට කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Rate this item
(0 votes)