May 19, 2024

ගම්මන්පිලගේ තීරණයට සෝභිත හිමිගෙන් පිළිතුරක් 

December 12, 2014

උදය ගම්මන්පිල මහතා ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් ඇතිකරගත් කෙනෙක් නොවන බවත්, ඔහු පෞද්ගලික තීරණයක් ලබාගෙන ඇති අතර ඒ පෞද්ගලික තීරණ ලබාගත්තේ කුමන හේතුවක් මතද යන්න ගැටළු සහිත බව, ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළහ.

උන්වහන්සේ විසින් මෙම අදහස් පළකරනු ලැබුවේ බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ (12) අද පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ "මාස ගණනක් ගිවිසුම් තීරණට වලට එළඹිලා ප්‍රතිපත්ති හදන්න වාක්‍ය සංශෝධනය කරන්න පවා උදය ගම්මම්පිල මහතා බොහෝ වෙහෙස මහන්සිව කටයුතු කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගිවිසුම් අත්සන් කරන මොහොතේ පවා එතුමා විරෝධය පලකළේ නෑ. ඊට එකඟව සිටියා. අභිනයක් වත් පලකළේ නෑ. එලෙස විරෝධය පල කළානම් කිසි කලක ඉන් ඉදිරියට යන්නට මම ඉන්නකම් කටයුතු කරන්නෑ. මේ ගිවිසුම මධ්‍යම කාරක සභාවේ 100% එකඟතාවය මත අත්සන කළ ගිවිසුමක්. ගිවිසුම අත්සන කර දින දහයකට පස්සේ තමයි මෙම ප්‍රශ්නය මතුවෙලා තිබෙන්නේ. මීට දින දෙකකට පෙර උදය ගම්මම්පිලගෙන් ප්‍රශ්නයක් ඇද්දැයි විමසූ විට ප්‍රශ්නයක් නැති බව ඔහු ප්‍රකාශ කලා" යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.

Rate this item
(0 votes)