May 19, 2024

උතුරු මැද ආණ්ඩුකාරවරයා වැරදි වැඩක් කරලා - කැෆේ  

December 12, 2014

උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා අනුරාධපුර රැළියේ ප්‍රධාන වේදිකාවට පැමිණ සිටිනු දක්නට ලැබුණු බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් මැතිවරණ කටයුතු සදහා පැමිණීම සදාචාර සම්පන්න නොවන බවයි. උතුරු, දකුණු, වයඹ මැතිවරණයන් හි දී නැවත නැවතත් මතු කළ කාරණයක් බව කැෆේ සංවිධානය පැවසී ය.

දිවුල්ගනේ මහතා ට මැතිවරණ කටයුතු සදහා මහජන දේපළ අයථා පරිහරණය සම්බන්ධයෙන් ද, වීදියේ විරෝධය කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

 

 

Rate this item
(0 votes)