May 08, 2024

එක කෝපි කෝප්පයයි රනිල් මෙතන - ජනපති

December 12, 2014

එක කෝපි කෝප්පයකින් විපක්ෂයේ බලය පෙරළිය හැකි බව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සන්ධානයට එක්කර ගතහැකි බවයි. මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  සිය මංගල ප්‍රචාරක රැලිය අමතමින් අනුරාධපුරයේදී මෙම අදහස් පැවසීය.

තම පක්ෂයෙන් කෙනෙකු යනවිට පක්ෂයට තව කෙනෙකු ගෙන්වා ගැනීම එතරම් දෙයක් නොවන බවත්, තිස්ස අත්තනායක මහතා තමන් සමග කෝපි කෝප්පයක් පානය කර පක්ෂයට එක්වූ බවත් රාජපක්ෂ මහතා පැවසීය. 

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

“අපෙන් කෙනෙක් ගත්තොත් අපිත්කෙනෙක් ගන්නවා. අපේ ලේකම් ගත්තා. අපිත් ලේකම් ගත්තා. දැන් ඕන නම් රනිල්වත් ගන්න පුළුවන්. එක කෝපි කෝප්පයයි රනිල් මෙතන. එයාලා ඩොලර් දීලා කට්ටිය ගන්න හැදුවට අපි එහෙම වියදම් කරන්නෙ නෑ. තිස්ස අත්තනායක සල්ලි දීලා නෙවෙයි ගත්තෙ. තිස්ස මාත් එක්ක කෝපි කෝප්පයක් බිව්වා විතරයි. අරයා, මෙයා යනවා කියලා මිනිස්සු කුලප්පු කරන්න හදනවා.  ඒවට කුලප්පු වෙන්නෙ අපේ කට්ටිය. ඒත් ගමේ මිනිස්සු කුලප්පු වෙන්නෙ නෑ" යැයි සඳහන් කළේය.

Rate this item
(0 votes)