May 08, 2024

ලබන සතියේ ඌවේ බලය හරීන් අතට

December 12, 2014

ඌව පළාත් සභාවේ බලය ලබන සතිය වනවිට එක්සත් ජාතික පක්ෂය සතුවන බව ඌව පළාතේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විපක්ෂයට එක්වීමට සැලසුම් කර තිබෙන බැවින් මෙම වෙනස සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයෙන් රජය වෙත ගිය කෙනාගේ ඡන්ද පදනම බිංදුවක් බවත්, ආණ්ඩුවෙන් පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට පෙරේදා (10දා) පැමිණි දෙදෙනාගේ ඡන්ද පදනම ලක්ෂ10 ඉක්මවන බවත් ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)