May 08, 2024

රජයේ වාහන මැතිවරණ ප්‍රචාරණයට - කැෆේ

December 11, 2014

මේ වන විට මැතිවරණ කටයුතු සඳහා පළාත් පාලන ආයතන හා අමත්‍යාංශවලට  සතු දේපල බොහෝ ලෙස මෙවර මැතිවරණයට යොදා ගෙන ඇති බව කැෆේ සංවිධානය පවසයි.

ඌව පරණගම ප්‍රාදේශිය සභාවේ කැබ් රථය එජනිස යේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ඇලවීම සදහා යොදා ගෙන ඇති අතර උසස් අධ්‍යාපන අමත්‍යාංශයට අයත් වාහන මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ  ව්‍යාපාරය සඳහා යොදවා ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි. 

ඒ අනුව මහනුවර යටිනුවර ප්‍ර‍දේශයේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් 58 - 8579 දරණ කැබ් රථය හා ඌව පරණගම ප්‍රාදේශිය සභාවට අයත් කැබ්රථය මැතිවරණ ප්‍රචාරණයට යොදවා ඇත.

 

Rate this item
(0 votes)