May 08, 2024

ආණ්ඩුවට එන්න කළින් දින දෙකක් නොනිදා ඉන්න වුණා - ගම්මන්පිල හෙළි කරයි

December 11, 2014

තමාට මෙම තීරණය ගැනීමට දින දෙකක් නොනිදා කල්පනා කරන්න, සාකච්ඡා කරන්න සිදුවු බවත් තමන් මතු කරන ප්‍රශ්නවලට පක්ෂයෙන් පිළිතුරු නොලැබුණු බවත් බස්නාහිර පළාත් අමාත්‍ය, ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ අද (11) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මේ නිසා තමන් පක්ෂයේ සමගිය නාමයෙන් නිහඬ වෙන්න තීරණය කළ බවද, ඒ අනූව චම්පික රණවක මහතාට තමන් ඉවත්වන බව ඊයේ දැනුම්දුන් බවද ඔහු කියා සිටියේය. 

ඒ අනුව පක්ෂය වෙනුවට ආදරණිය මව්බිම තෝරාගන්න තමන් තීරණය කළ බවද තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම සදාචාර සම්පන්න නොවන නිසා තමන් අද සිට පක්ෂයෙන් ඉවත් වෙන බවද මන්ත්‍රීවරයා පැවසීය. 

මීට සති දෙකකට පෙර ජාතික හෙළ උරුමය විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කිරීමට තීරණය කළ ද එම තීරණයට එකඟ නොවන බැවින් තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට තීරණය කළ බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පරස්පර අදහස් දක්වා තිබීම තමන්ගේ තීරණයට හේතු වූ බවත් තමන්ගේ ප‍්‍රතිපත්ති මත පිහිටා ගත් තීන්දුවක් බවත් උදය ගම්මන්පිල මහතා පැවසී ය.

එක මවුබිම සහ දෙක යහපාලනය නිසා මවුබිම සම්බන්ධ ඔවුන්ගේ ඉතිහාසය, යහපාලනය සම්බන්ධ ඔවුන්ගේ ඉතිහාසය දෙස බලා මෙම තීරණය ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 December 2014 15:27