May 19, 2024

මල්ෂා කුමාරතුංග ජනපති හමුවට ආවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටයි

December 10, 2014

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග මෙනවිය අද (10දා) උදෑසන කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇතැයි පැවසේ.

විපක්ෂ නායක කාර්යාලය අසල පිහිටි ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට සහභාගිවීමට උදෑසන  මන්ත්‍රීවරිය පැමිණ තිබේ.

එහිදී ඇය විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇත්තේ වැරදීමකින් වන අතර, පසුව ප්‍රධාන අමාත්‍ය නිල නිවස වෙත ගොස් ඇත.

ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ පැවැති රැස්වීමේදී මේ පිළිබඳව ජනාධිපති මහින් දරාජපක්ෂ මහතාද විමසා ඇති අතර, එහිදී මල්ෂා කුමාරතුංග පවසා ඇත්තේ වැරදීමකින් විපක්ෂ නායක කාර්යාලයට ගිය බවයි.

 

Rate this item
(0 votes)