May 19, 2024

සහය දෙන්නේ කාටද? - TNA

December 10, 2014

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අදහස් විමසීමෙන් අනතුරුව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රත්පත්ති ප්‍රකාශන සලකා බැලීමෙන් අනතුරුව සිය පක්ෂය අවසන් තීරණය ගන්නා බව දෙමළ ජාතික සංවිධානය නිවේදනය කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සංවිධානයේ තීරණය මෙම මස අවසානයේ දී ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කර නොමැති බවද මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළහ.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය තීරණාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)