May 19, 2024

ජනපති, මල්ෂා කුමාරතුංග හමුවෙයි

December 10, 2014

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ඒ මහතාගේ නිවසේදී පැවැත්විණි.

එම සාකච්ඡාවට පැමිණි මල්ෂා කුමාරතුංග ද මන්ත්‍රීවරිය සමඟද ජනාධිපතිවරයා හමුවී කතා බහක නිරත විය.

අද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති මෙම සාකච්ඡාවට බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත.

එම අවස්ථාවට එක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරියන් වන මල්ෂා කුමාරතුංග හා සමන්මලී සකලසූරිය මහත්මීහු ද එම අවස්ථාවට එක් ව සිටියහ.

පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හා තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ඊයේ (09) මහනුවර පැවති පොදු විපක්ෂයේ වේදිකාවට ගොඩ වන බවට කතා පැතිර ගියත් තමන් හා තම පියා එවැනි තීරණයක් ගෙන නැති බව පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමරතුංග මෙනවිය ඊයේ පැවසුවාය.

එසේම තමන් මේ  වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකට එක්ව සිටින බව ද ඇය පැවැසුවාය.

 

 

Rate this item
(0 votes)