May 19, 2024

පක්ෂ දේශපාලනයේ නොයෙදෙන 2010 ක් කඩිනමින් පොලිසියට ගැනේ

December 10, 2014

පොලිස් දෙපාර්තමේන්තුවට 2010 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීමට පියවර ගෙන ඇත. මේ සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

මෙලෙස බඳවා ගනු ලබන පිරිස තාවකාලික සුළු කම්කරුවන් වන අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නීති විරෝධී ප්‍රදර්ශන පත්‍රිකා, ජායාරූප, අත් පත්‍රිකා කටවුට් ඉවත් කිරීම සඳහා මෙම කම්කරුවන් බඳවා ගනු ඇත.

ඒ අනුව මෙලසෙන බඳවාගනු ලබන සේවකයින් ඊයේ දිනයේ සිට සේවා කටයුතු සඳහා අනුයුක්ත කිරීමට ද පොලිස්පතිවරයා විසින් අවසර ලබා දී තිබේ.

කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෝ පොලිස් අධිකාරී ‍වෙනුවෙන් කම්කරුවන් දෙදෙනෙක්, දිස්ත්‍රික්ක භාර පොලිස් අධිකාරී හෝ සහකාර පොලිස් අධිකාරී‍ වෙනුවෙන් කම්කරුවන් දෙදෙනෙක්, මුලස්ථාන පොලිසියක් වෙනුවෙන් කම්කරුවන් 05 දෙනෙක්, උප නගරයක පිහිටි පොලිස් ස්ථානයක් සඳහා කම්කරුවන් සිව් දෙනෙක් බඳවාගැනීමට අවසරය හිමිවේ.

මීට අමතරව සෙසු පොලිස් ස්ථානයන් සඳහා කම්කරුවන් තිදෙනෙක් යොදවා ගැනීමට අවසරය හිමිවනු ඇත.

මෙම කම්කරුවන් බඳවා ගැනීමේ දී පක්ෂ දේශපාලන කටයුතුවල නොයෙදෙන නිදහස් පුද්ගලයන් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව යොදවා ගත යුතු බව පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

 

Rate this item
(0 votes)