May 19, 2024

උතුරු මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 101 ක් නාවික අත්අඩංගුවට

December 10, 2014

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණි ඉන්දීය ධීවරයින් 101ක් සහ යාත්‍රා 12ක් නාවික හමුදව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් ධීවරයින් 43ක් සහ යාත්‍රා 5ක් මේ වනවිට කන්කසන්තුරේ ප්‍රදේශයට රැගෙන විත් තිබේ.

සෙසු ධීවරයින් සහ යාත්‍රා නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙන ඒම වළක්වාගැනීම සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ.

මෙපමණ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත් වුවහොත් ඉන්දියාව තුළ කලබලකාරී තත්ත්වයක් ඇති විය හැකි බැවින් එය වලක්වා ගැනීම අසීරු බවයි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් තවමත් මුහුදු සීමාවේ සිටින මෙම ධීවරයින් අත්අඩංගුවට නොගෙන මුදා හරින මෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද අදහස් දක්වා තිබේ.

දිනසේන රතුගමගේ - වවුනියාව

Rate this item
(0 votes)