May 19, 2024

පසුගිය කාලේ සෞඛ්‍ය සේවාවට අතිවිශාල මුදලක් වැය කළා 

December 10, 2014

ජනතාවට වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා රජය පසුගිය කාලය තුළ සෞඛ්‍ය සේවාවට අතිවිශාල මුදලක් වැය කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ වාර්ෂික සම්මේලනයට ඊයේ (09) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදී එක් වෙමිනි. 

මෙවර අයවැයෙන්ද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට රුපියල් බිලියන 185ක් වෙන් කළ බවත් සෞඛ්‍ය සේවාවේ සියලු පහසුකම් ජනතාවට නොමිලේ ලබා දෙන වෙන කිසිදු රටක් ලෝකයේ නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය. 

රටට, සමාජයට අත්‍යාවශ්‍ය ගෞරවනීය සේවයක් ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවාවේ කාර්ය භාරයද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ඔවුන්ට අභිමානයෙන් සහ වඩාත් සුරක්ෂිතව තම සේවාව ඉටු කිරීමට අවස්ථාව සළසා දුන්නේ වත්මන් රජය බවද කියා සිටියේ ය. 

මේ රටේ සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් බවට පත් කිරීමට ඉදිරියේදීද කැපවන බවත් මෙම පහසුකම් ආරක්ෂා කර ගනිමින් මේ රට ගොඩනැඟීමට සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. 

 

Rate this item
(0 votes)