May 19, 2024

වංචා මඩින්න කොමිසම් සභාවක් - මහනුවරදී මෛත්‍රී කියයි

December 09, 2014

තමන් බලයට පත්වී දින 100 ක් ඇතුළත කොමිෂන් සභාවක් පත්කොට වත්මන් ආණ්ඩුවේ දුෂිතයින් නීතිය හමුවට ගෙන එන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. 

මහනුවරදී අද පස්වරුවේ සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළිය අමතමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර තිබේ. 

දින 100 වැඩපිළිවෙල තුළ විධායක බලය අහෝසි කිරීම පමණක් නොව වත්මන් ආණ්ඩුව අවුරුදු 9 ක් සිදු කළ වංචා හොරකම් කොමිෂන් සභාවක් පත් කර දින100 ක් තුළ වගකිව යුත්තන් හසු කරන බවටද ප්‍රකාශ කර තිබේ. 

‘සමහර අය අහනවා අපි බලයට පත්වුනහම මේ සංවර්ධන වැඩපිළිවෙල නවත්වනවද කියල. බොහොම පැහැදිලිව කියන්න අවශයි අද කරන සංවර්ධන වැඩවලට සාදන ඇස්තමේන්තුවලට වැයවෙන්නේ එම මුදලෙන් තුනෙන් එකක් පමණි’.යනුවෙන්ද පවසා ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මීට ප‍්‍රථම නායකයින් දුන් පොරොන්දු මෙන් නොව මෙවර තමන් අනිවාර්යයෙන් අහෝසි කරන බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළහ.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහනුවර පැවැති මෙම රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරනු ලබන ප්‍රබලයින් රැසක් පැමිණෙන බවට විවිධ ආරංචි පැතිර ගියද කිසිවෙකු නොපැමිණි බවද වාර්තා විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 December 2014 21:55