May 19, 2024

අපි යන්න හිටපු කට්ටිය නෙමෙයි - මල්ෂා කුමාරතුංග

December 09, 2014

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හා තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අද (09දා) මහනුවරදී පොදු විපක්ෂයේ වේදිකාවට ගොඩ වන බවට කතා  පැතිර ගියත් තමන් හා තම පියා එවැනි තීරණයක් ගෙන නැති බව පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමරතුංග පැවසීය.

ඒ මොහොත වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකට එක් වන බවයි  ඇය සඳහන් කර ඇත්තේ .

" මම බී.එම්.අයි.සී.එච්. එකේ නාමල් මන්ත්‍රිතුමාගේ උත්සවයට යන ගමන්. මම කොළඹ ඉන්නේ. තාත්තිත් කොළඹ ඉන්නේ. අපි යන්න හිටපු කට්ටිය නොවෙයි. කතා පටන් ගන්න කට්ටියගෙන්ම ඒක අහන්න වෙනවා."යනුවෙන්ද ඇය පවසා ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 December 2014 21:14