May 19, 2024

පිල් මාරුව සමග වයඹ උණුසුම්

December 09, 2014
වයඹ  පළාත් සභාවේ  විපක්ෂය නියෝජනය කරමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී  ආර්. එම්. රත්නායක මහතා අද පැවති වයඹ පළාත් සභා  මාසික රැස්වීමේදී  ජනපති  මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීම සඳහා ආණ්ඩු පක්ෂය හා එක්වීමත් සමගම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර ඇතිවූ  දැඩි  වාග් ප්‍රහාර හේතුවෙන්  පළාත් සභා රැස්වීම තුල  දැඩි උනුම්කාරි තත්වයක් හට ගත්තේය.
 
පළාත් සභාවේ සභාපති  ධර්මසිරි දසනායක  මහතාගේ  ප්‍රධානත්වයෙන්  ඊයේ  පෙරවරුවේ  වයඹ පළාත් සභා රැස්වීම ආරම්භ වූ  අතර එහිදී සභාපතිවරයා විසින් මන්ත්‍රීවරුන්ගේ   කරුණු දැක්වීම සඳහා ලබා දුන් අවස්ථාවේදී  රත්නායක මහතා සභාව අමතා විශේස ප්‍රකාශයක් කරමින් මෙම පිල් මාරුව සිදු කළේය.
 
එහිදී රත්නායක මහතා වෙත විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය එල්ලවූ අතර වයඹ පළාත් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය   නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරයා වූ   රන්ජිත් ගුණසේකර මහතාද  සිය විරෝධය පල කරනු දක්නට ලැබිණ. රත්නායක මහතා තමන්ගේ පිල් මාරුව පිළිබඳව  සභාවට  කරුණු දක්වන අවස්ථාවේදී  සභාවේ සිටි පක්ස විපක්ෂ  මන්ත්‍රීවරු සියලු දෙනා  දැඩි ආවේගයකින් යුතුව  වාග් ප්‍රහාරයක්  නිරත වීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
 
විපක්ෂය අත හැර  ආණ්ඩු පක්ෂයට   යාමට සූදානම් වූ  රත්නායක මහතා වෙත  විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ලබාදෙන   විශේස ත්‍යාගයක්  යැයි කියමින් ඒ මොහෙතේ සකස් කර ගත්   "පින් කැටය"කට  මුදල් සම්මාදම් කර එයද රත්නායක මහතා අතට ලබාදීමත් සමගම  ආණ්ඩු පක්ෂයේ  සභා නායක  වරයා වන සුමල් තිසේරා මහතා  සභා ගැබ හරහා විපක්ෂය  දෙසට පැමිණ රත්නායක මහතා වත්තම් කරගෙන ආණ්ඩු පක්ෂය දෙසට ගමන් කීරීමට සැරසුණු  අතර විපක්ෂ මන්ත්‍රීවරු එය දැක " මෙන්න  සබානායක  විපක්ෂයට ඇවිල්ලා " යැයි  කෑගසන්නට විය. 
 
පසුව රත්නායක  මහතා ආණ්ඩු පක්ෂය දෙසට කැදවාගෙන ගොස්  හිටපු මහා ඇමති වරයෙකු වූ  අතුල විජේසිංහ මහතාගේ අසුනේ වාඩි කරවනු 
වයඹ පළාත් සභාව යලිත්  ලබන වසරේ ජනවාරි මස 20 වෙනි දින තෙක් කල් තැබිණි.
(සුනිල් එස්. පැල්ලන්දෙණිය - කුරුණෑගල )
      
Rate this item
(0 votes)