May 19, 2024

තිරුපති බලා ජනපති දැන් පිටත් වෙයි

December 09, 2014

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ තිරුපති කෝවිලට ගොස් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා තිරුපති කෝවිල වෙතට පැමිණ අද (9) සහ හෙට (10) දෙදින එහි ආශිර්වාද දේව පූජාවලට සහභාගීවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් තිරුපති කෝවිල ආශ්‍රිත පූජා භූමි ප්‍රදේශයට 08 වැනිදා සිට දැඩි ආරක්ෂාවක් යෙදවීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන ඇතැයි ‘‘ද හින්දු“ පුවත්පත කියයි.

අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමාලා හි සප්ත ගිරි කඳු අතර පිහිටි තිරුපති කෝවිල ලොව බෙහෙවින් පරසිදු හින්දු ආගමික ස්ථානයකි. දිනකට 50,000 සිට 1,00000 දක්වා වන්දනාකරුවෝ එහි ආශිර්වාද ලබා ගැනීමට පැමිණෙති. 

වෙන්කතේෂ්වර දෙවියන් සඳහා කැපවුණු ආගමික සිද්ධස්ථානයක් ලෙස මෙය හැඳින්වේ.

කටුනායක - ටී.කේ.ජී. කපිල

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 December 2014 16:27