May 19, 2024

රට බීම නිසා අනුරාධපුර නොසන්සුන්

December 09, 2014

අනුරාධපුර, විජයපුර බණ්ඩාරනායක මාව‍තේ පවත්වාගෙන යනු ලබන රට බීම බෙදාහැරීමේ ස්ථානයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීහු අද (09) දහවල් විරෝධතාවයක නිරත වූහ.

මෙම ගබඩාවෙන් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට හිරිහැරයක් සිදු වන බැවින් විජයපුර ප්‍රදේශයෙන් මෙම ගබඩාව රැගෙන යන ලෙස විරෝධතාකරුවන් බල කළෝය. 

එම රට බීම බෙදාහැරීමේ ආයතනයක සේවකයන් හා විජයපුර බණ්ඩාරනායක මාවතේ පදිංචි ගම්වාසීන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම ආයතනයේ කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.  

ඊයේ (08) රාත්‍රියේ සිට අද (09) අලුයම දක්වා එම ප්‍රදේශය නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි. 

ඡායාරූප - අද

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 December 2014 15:38