May 19, 2024

මෛත්‍රී දළදා ආශිර්වාද ලබා ගනී (VIDEO)

ජනපතිවරණයට නාම යෝජනා බාරදීමෙන් පසුව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමඟ අද (09) පෙරවරුවේ දළඳා සමිඳුගේ ආශීර්වාදය ලබා ගත්තේ ය.

ඉන් අනතුරුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද මල්වතු පාර්ශව‍යේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, චම්පික රණවක, රවී කරුණානායක, සරත් ‍ෆොන්සේකා, අර්ජුණ රණතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේවන විට මහනුවරදී ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලියක්ද පැවැත්වීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 December 2014 15:36