April 29, 2024

හින්දු පුජකවරුන් පිරිසක් උපවාසයක් අරඹයි! චෝදනාව දේශපාලකයින්ට

රටේ පවතින ආර්ථික අර්බුධයට කඩනමින් විසදුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් කදුරට හින්දු පුජකවරුන් පිරිසක් අද (02) දින උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

කදුරට අයියප්පණ් පුජකවරුන්ගේ සංගමය විසින් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ පොලිස් මුරපොල අසල මෙම උපවාසය ආරම්භ කර ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

මෙම උපවාසය සදහා හින්දු පුජකවරුන් කිහිපදෙනෙකු සහයෝගය දක්වන අතර, තවත් හින්දු පුජකවරුන් කිහිපදෙනෙකු එම උපවාසයට සහයෝගය දක්වන බවයි උපවාසයේ යෙදි සිටින හින්දු පුජකවරුන් කියා සිටියේ.

වසර 74 ක කාලයක් තුල මේ රට පාලනය කල දේශපාලඥයින් රටේ ජනතාව මුලා කල බව ඔවුන් චෝදනා කරනවා.

එම කාලය තුල දේශපාලනයට පිවිසි දේශපාලඥයින් මේ රටේ මහජනයා සතු සම්පත් සොරාගත් බවද කදුරට අයියප්පණ් පුජකවරුන්ගේ සංගමයේ භාරකරු පෙරුමාල් පරමශිවන් පුජකවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තුව දැනට නියෝජනය කරන 225 දෙනාට රටේ පවතින ආර්ථික අර්බුධයට විසදුම් ලබාදිය නොහැකි බවත්, රටේ ආර්ථික අර්බුධය විසදිමට බුද්ධිමත් පිරිසක් තෝරා එම බුද්ධිමත් පිරිසට රටේ පාලන බලය ලබා දි දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් පෙරුමාල් පරමශිවන් පුජකවරයා ප්‍රකාශ කළා.

මෙම උපවාසය අනෙකුත් හින්දු පුජකවරුන්ගෙන් සහ ප්‍රදේශවාසින්ගෙන් ලැබෙන සහයෝගය මත අඛණ්ඩව පවත්වාගෙන යාමට අදහස් කරගෙන සිටින බව එම පුජකවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)