April 29, 2024

හිටපු ඇමතිගේ ගැසට්ටුව අලුත් ඇමති ඉවත් කරයි

2022 අප්‍රේල් මස 30 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රජය විසින් පනවා තිබූ වාරණය ඉවත් කර තිබෙනවා.

ඒ ඊයේ (01) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

අදාළ ගැසට් නිවේදනයෙන් වාරණය කෙරුණේ කොවිඩ් 19 පූර්ණ එන්නත්කරණය නොලද පුද්ගලයින් කිසිවෙකුටත් පොදු ස්ථානවලට ඇතුල් වීම කළ නොහැකි බවයි.

ඒ අනුවයි කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ පූර්ණ එන්නත්කරණය අනිවාර්යය කෙරුණේ.

කෙසේවෙතත් මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසිනුයි අවලංගු කර ඇත්තේ.

Rate this item
(1 Vote)